Header

Sri Lanka Army

Defender of the Nation

21st July 2018 11:53:45 Hours

හල්දුමුල්ල සහ යහන්වෙල ප්‍රදේශයන්හි හදිසියේ ඇතිවු ලැව් ගිනි මැඩපවත්වයි

බදුල්ල දිස්ත්‍රික්කයේ මහාවංගුව, හල්දුමුල්ල ප්‍රදේශයේ සිකුරාදා (20) දින උදෑසන හදිසියේ ඇති වූ ලැව් ගින්නක් පිළිබඳව සැළවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුුතු යුද්ධ හමුදා නිලධාරියකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 26 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මකවී ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරන ලදී.

හදිසියේ ඇතිවු තත්ත්වය පිලිබඳ සැළවු වහාම, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත ගින්න පාලනය කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් කඩිනමින් පියවර ගැනු ලැබීය.

එමෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ යහන්වෙල ප්‍රදේශයේ සිකුරාදා (20) දින සන්ධ්‍යාවේ ඇතිවු හදිසි ගින්නක් මැඩපැවැත්වීමට මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමත් විය.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 20 කින් සමන්විත කණ්ඩායමක් සහභාගි විය. best shoes | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1