21st July 2018 14:53:45 Hours
2018 අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය සඳහා පෙනී සිටින සිසුන් හට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භට පිරිස් විසින් තෙදින අධ්‍යාපන සම්මන්ත්‍රණ වැඩසටහනක් ජුලි මස 18 සිට 20 දින දක්වා පෙරීය පාණ්ඩිපිරිච්චන් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සහයෝගය 61 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් ලබාදෙනු ලැබීය.
මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණ වැඩසටහන සඳහා සිසුන් 36 දෙනෙකු සහභාගි වූ අතර එහිදී දමිළ භාෂාව, හින්දු සංස්කෘතිය, භූගෝල විද්‍යාව, ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන්හි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබීය.
මෙම අධ්‍යාපන සම්මන්ත්‍රණ වැඩසටහන 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න ගේ උපදෙස් මත 613 වන බලසේනාව විසින් සංවිධානය කරන ලදි.
මෙම අවස්ථාව සඳහා 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.එන්.සී. ජයවර්ධන, සහකාර අධ්‍යක්‍ෂක (අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය) ඒ.ලොගේෂ්වරම් මහතා සහ කාර්ය මණ්ඩලය මෙන්ම විද්‍යාලයේ විදුහල්පති එස්. රාජරත්නම් මහතා, පාසලේ ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ.
Best Nike Sneakers | NIKE AIR HUARACHE