Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2018 16:59:12 Hours

රුසියානු තනාපති කාර්යාලයේ නික්ම යන ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් දිමිත්‍රී නිකලුස්කි (Colonel Dimitry Nikhaylouskiy) ආරක්‍ෂක උපදේශක වශයෙන් රාජකාරි සිදු කල නිල කාලසීමාව අවසන්වීමෙන් පසු අද (20) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද සාකච්ඡාවේ දී රට තුල සංහිඳියාව අතිකිරීම සහ සංවර්ධනය කටයුතු සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය මෙන්ම සහයෝගය ඉහල මට්ටමක පැවැති බව වසර දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සේවය කල කර්නල් නිකලුස්කි පැවසීය.

රුසියානු තනාපති කාර්යාලයේ නික්මයන ආරක්‍ෂක උපදේශක කර්නල් දිමිත්‍රී නිකලුස්කි, සිය ධූරකාලය තුලදී යුද්ධ හමුදාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය කෘතඥතාව පළකර සිටියහ. latest Nike Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf