Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2018 18:00:24 Hours

ආරක්‍ෂක සේවා කැරම් ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ආරක්‍ෂක සේවා කැරම් ශුරතාවය - 2018, ජාතික මට්ටමින් ජූලි මස 10 සහ 11 යන දිනයන්හි දී පැවති අතර, එහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් කමිටුවේ පිරිමි කණ්ඩායම ශුරතාවයත්, කාන්තා කණ්ඩායම අනුශුරතාවයත් හිමිකර ගැනීමට සමත්විය.

මෙහි සහතික පත් ප්‍රදානෝත්සවය පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා පරිශ්‍රයේ දී පැවති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි සහභාගි විය.

යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ විසින් එම ක්‍රීඩක ක්‍රීඩීකාවන් දිරීගැන්විම සිදු කළ අතර, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කළමනාකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ සඳහා සහභාගි වූහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කැරම් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, බ්‍රිගේඩියර් රංජිත් ධර්මසිරි සහ කණ්ඩායමේ පුහුණුකරු වන ධම්මික විජේසිංහ මහතා ද එක්ව සිටියහ. latest Running | Nike Shoes, Sneakers & Accessories