Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2018 18:55:24 Hours

ජනාධිපති කාර්ය සාධන බලකායේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ සහය

‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්’ මුල්කරගනිමින් මත්පැන්, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ආදිය අඩු කරමින් මත්ද්‍රව්‍යයෙන් තොර ශ්‍රී ලංකාවක් යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන් සඳහා ගන්නෝරුව පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු පුහුණු පාසලේ භට පිරිස් ද දායකවිය.

මධ්‍යම පළාතේ මෙම ව්‍යාපෘතිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ දී බදාදා (11) දින ඇමතිවරු, සන්නද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පොලිස් නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් වැසියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණු අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජි. නානායක්කාර සහභාගි විය.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක් නියෝජනය කරමින් 9000 කට අධික සිවිල් වැසියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ගන්නෝරුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු පුහුණු පාසලේ භට පිරිස් විසින් සහභාගි වූ සියලුදෙනා වෙත දිවා ආහාරය ලබාදෙනු ලැබීය.Nike air jordan Sneakers | Nike Shoes