11th July 2018 13:10:10 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් හා එම ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර අනනෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් 2018 ජුනි මස 5 දින සිට 7 දින දක්වා ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරන ලදී.
මෙහිදී, 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් කන්සාපුරම් පුල්ලේයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කල අතර, 1 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් කොඩ්ඩෙකඩ්ඩියාර්කුලම් සිට අම්බල්පෙරුමාල්කුලම් දක්වා වු මාර්ගය දෙපස පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන ලදී.
මෙයට අමතරව, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් ඕඩ්ඩරුත්තාකුලම් හි රාධම් පෙර පාසල් පරිශ්‍රය හා ඒ අවට පිරිසිදු කිරිමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක කරන ලද අතර මෙම ශ්‍රමදාන වැඩසටහන් සඳහා 150 කට අධික භට පිරිසක් සහභාගී විය.
මෙම ශ්‍රමදාන ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් පරිදි හා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් ගේ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී. latest Running | Nike Air Max 270