Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2018 13:15:53 Hours

64 වන සේනාංක භට පිරිස් සඳහා භාවනා වැඩසටහනක්

64 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරි සහ සෙසුනිලයින් හට අධ්‍යාත්මික හා මානසික සුවය ලබාදීමේ අරමුණින් 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීරගේ සංකල්පයක් මත සංවිධානය කරන ලද භාවනා වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින එම සේනාංක මුලස්ථානයේ දී පවත්වන ලදී.

මෙම භාවනා වැඩසටහන කැඹිතිගොල්ලෑව මහමෙව්නා අසපුවේ පුජ්‍ය මතුරට වායාම ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද අතර තවදුරටත් උන්වහන්සේ විසින් නියමාකාරයෙන් භාවනා කරන්නේ කෙසේද? යන්න හා දිනපතා භාවනා කිරිමෙන් ජිවිතයට ලැබෙන්නාවු ප්‍රතිලාභයන් පිළිබඳව ද විග්‍රහ කර දෙන ලදී. මෙම භාවනා වැඩසටහන සඳහා 64 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වුහ. Best jordan Sneakers | Releases Nike Shoes