Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2018 13:20:53 Hours

යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩකයින් පුහුණු කිරිම සඳහා ස්පාඤ්ඤ පුහුණුකරුවෙකුගේ සහාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරිමේ අරමුණින් ස්පාඤ්ඤ ජාතික Arjan Pedro Solana Villalobos යන මුයි තායි පුහුණුකරු ඔහුගේ පෞද්ගලික වියදමින් මෙරටට පැමිණීමට නියමිත අතර ඔහු විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු සැසියක් ජුලි මස 21 වන දින ආරම්භ කිරිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයි තායි කමිටුව විසින් සිදුකරන ලද ඉල්ලීමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුමැතිය ලැබී ඇත.

යුද්ධ හමුදා මුයි තායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙම ස්පාඤ්ඤ ජාතික පුහුණුකරු විසින් කිසිදු ගාස්තු අයකිරිමකින් තොරව දින 4 ක පුහුණු සැසියක් අඟහරුවාදා (ජුලි මස 24) දින තෙක් 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය. මෙම පුහුණු සැසිය ශ්‍රී ලංකා මුයි තායි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ ආශිර්වාදයෙන් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබයි. Sports News | nike air force 1 shadow , eBay