Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2018 13:36:27 Hours

යුද්ධ හමුදා භට පිරිස් හි දායකත්වයෙන් මහනුවර ප්‍රදේශයේ ආගමික වැඩසටහනක්

11 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයන් 140 දෙනෙකුගේ පමණ දායකත්වයෙන් සිදුකරන ලද බෞද්ධාගමික වැඩසටහනක් පසුගිය ඉරිදා (8) දින මහනුවර අස්ගිරි මහා පිරිවෙ‍නෙහි පවත්වන ලදී.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්ගේ උපදෙස් පරිදි 11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධිකරණයෙන් එම සේනාංක භට පිරිස් විසින් මෙම බෞද්ධාගමික වැඩසටහන සඳහා වැඩම කරවන ලද 1000 ක් පමණ මහා සංඝරත්නය වෙනුවෙන් දානය සැකසීම හා එම ස්ථානය අලාංකාරවත් ලෙස සැරසීම මෙන්ම එම ස්ථානය පිරිසිදුකිරිමේ කටයුතු සඳහා ද දායකත්වය දක්වන ලදී. Asics footwear | Women's Designer Sneakers - Luxury Shopping