10th July 2018 13:50:30 Hours
සියළුම ආගමික ප්‍රජාවන් අතර සුහදත්වය, අවබෝධය, සහජීවනය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් හින්දු, කතෝලික, මුස්ලිම් සහ බෞද්ධ යන සියළුම ආගම් නියෝජනය කරමින් 30 කට අධික පූජකවරුන් සහ ස්වාමින් වහන්සේනාගේ සහභාගිත්වයෙන් සුහද හමුවක් බදාදා (04) දින අලන්කුලම්, තුනුක්කායි ප්‍රදේශයේ ස්ථාපිත 65 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
මෙම සුහද හමුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබීය. සුහද හමුව සඳහා සියළුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සිවිල් සම්බන්ධිකරණ නිලධාරින් ද සහභාගි වූ අතර මෙම සුහද හමුවේ වැදගත්කම මෙහිදි අවධාරණය කළහ.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත මෙම සුහද හමුව පැවැත්වූ අතර, සුහද හමුව සඳහා සහභාගි වූ සියලුදෙනා යුද්ධ හමුදාව සිදුකල මෙම ක්‍රියාව ප්‍රසංශාවට ලක් කළහ. bridge media | balerínky