Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2018 15:51:03 Hours

523 වන සේනාංකයේ සංවත්සරයට සමඟාමීව උතුරු පළාතේ රෝගීන් සඳහා ලේ දන්දීමේ වැඩසටහනක්

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් චාවකච්චේරි, අල්ලරායි ප්‍රදේශයේ ස්ථාපිත 523 වන බලසේනාංක මූලස්ථානයේ 9 වන සංවත්සරයට සමඟාමීව උතුරු පළාතේ රෝහල් වල සිටින රෝගීන්ගේ යහපත උදෙසා සෙනසුරාදා (7) දින යුද්ධ හමුදා සාමාජිකයින් 91 දෙනෙකු ලේ දන්දීමේ වැඩසටහනක් සඳහා ස්වේච්ඡාවෙන්ම සහභාගි විය.

523 වන බලසේනාංකයේ 9 වන සංවත්සරයට සමඟාමීව ජුනි මස 30 දින සිට ජුලි මස 7 දින දක්වා විවිධ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබු අතර, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ ආශීර්වාදය මත 523 වන බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායකගේ උපදෙස් පරිදි ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මහා සංඝරත්නය විෂයෙහිලා මහා දානමය පුණ්‍යකර්මයක්, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්, ලේ දන්දීමේ වැඩසටහනක්, ක්‍රීකට් තරඟාවලියක්, සංගීත සැදෑවක් සහ සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබු අතර, සංවත්සර දින (ජුලි මස 7) හමුදා සම්ප්‍රදායානුකුලව බලසේනාධිපතිතුමන් වෙත එම බලසේනා මුලස්ථාන පරිශ්‍රයේදී කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

යාපනය ශීක්‍ෂණ රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම ලේ දන්දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. සධාතුක කරඩුව ප්‍රමුඛ යාපනය ශ්‍රී නාග විහාරයේ සහ නාවත්කුලි සම්මිද්ධි සුමන විහාරයේ මහා සංඝරත්නය සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව සඳහා ‍අලංකාරවත් පෙරහැරකින් වැඩම කරවන ලදී.bridge media | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth