10th July 2018 13:43:27 Hours
කිලිනොච්චි, තුනුක්කායි ප්‍රදේශයේ පිහිටි අලන්කුලම් පුල්ලයාර් කෝවිලේ හින්දු පූජකවරුන්ගේ ගෞරවාන්විත ආරාධානයකට අනුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් අඟහරුවාදා (05) දින කෝවිල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගි විය.
කෝවිලේ පූජකතුමන් විසින් යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර පවතින සුහදශීලිත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ආරාධනාව සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා සහභාගිවූ සේනාංකාධිපතිතුමන් සුභ මොහොතින් මුල්ගල තැබීම සඳහා එක්විය. Sport media | nike air max 95 obsidian university blue book list