Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2018 13:40:11 Hours

‘පාද යාත්‍රාවේ’ නිරත වන්දනාකරුවන්ට සංග්‍රහයක්

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස්, සඳුදා (09) දින යාල, ළිංතුන ප්‍රදේශයේ දී ‘පාද යාත්‍රාවේ’ නිරත බැතිමතුන් සියගණනක් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්වීම යටතේ භට පිරිස් විසින් ‘පාද යාත්‍රාවේ’ නිරත බැතිමතුන් වෙනුවෙන් සිසිල් බීම සංග්‍රහයක් සහ වතුර බෝතල් ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් සපයනු ලැබීය.

මෙම බැතිමතුන්, ජූලි මස අවසානයේ පැවැත්වීමට නියමිත ඇසළ උත්සවය සඳහා සහභාගිවීමේ අරමුණින් යාල ජාතික වන උද්‍යානය හරහා කතරගම දක්වා ගමන් කරනු ලබයි.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්.ඩි. වන්නිආරච්චි ගේ අධීක්‍ෂණය යටතේ 121 වන බලසේනාවේ භට පිරිස් විසින් මෙම පූණ්‍ය කටයුත්ත සිදු කරනු ලැබීය. Buy Sneakers | Nike Dunk Low Disrupt Pale Ivory - Grailify