Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2018 13:35:27 Hours

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංකයේ 7 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් සෙනෙරත් බණ්ඩාර සිකුරාදා (13) දින රාජකාරි භාරගනු ලැබීය.

65 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, නව සේනාංකාධිපතිතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සම්ප්‍රදායානුකුලව නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගත් අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් 54 වන සේනාංක පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සියලුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ. Mysneakers | Air Jordan Release Dates 2020