Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2018 13:30:09 Hours

571 වන බලසේනාවේ භට පිරිස් පාසලේ හානියට පත්වූ වැට ප්‍රතිසංස්කරණය කරයි

පන්නන්කන්ඩි රජයේ දමිළ මිශ්‍ර විද්‍යාලයේ විදුහල්පතිතුමන්, 571 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නජීව එදිරිසිංහ ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පාසල් පරිශ්‍රයේ වටා පිහිටි වැටෙහි කැඩි බිඳි ගොස් බිමට වැටි තිබිණු කොන්ක්‍රිට් කම්බි කණු 571 වන බලසේනාවේ භටපිරිස් විසින් ආරක්‍ෂක හේතුන් මත වැට ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහයෝගය ලබාදුන්හ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීමට අනුව 571 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් ක්‍රියාවට නැංවු මෙම ව්‍යාපෘතිය සඳහා කැනඩාවේ යෞවන කටයුතු සංවිධානයක් විසින් රුපියල් ලක්ෂයක පමණ මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කළහ.

571 වන බලසේනා මූලස්ථානයේ සහ 16 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් 40 කට අධික පිරිසක් ඉරිදා (08) දින එම විද්‍යාලයේ ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් සමඟ එක්ව කම්බි වැට ප්‍රතිසංස්කරණය කල අතර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු ද සිදු කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ දී භට පිරිස් පැය කිහිපයක් තුල අනෙකුත් සියලුම සිවිල් වැසියන්ගේ ද සහයෝගය ඇතිව කඩා වැටුණු කොන්ක්‍රිට් කණු ප්‍රතිසංස්කරණය කර නැවත සවිකිරීමෙන් අනතුරුව කම්බි රැහන් සම්බන්ධ කරනු ලැබීය. ඒ අනුව, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව සහ සුහදත්වය ප්‍රවර්ධනය කරමින් සියලුම පාර්ශවයන්ගෙන් ලද සහයෝගය මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමාවට පත්විය.

මෙම වැඩකටයුතු කරන සිදු කරන අතරතුර සහභාගි වූ සියලුදෙනා වෙත තේපැන් සංග්‍රහයක් භුක්තිවිදිමට ඉඩ සලසමින් විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ දෙමාපියන් විසින් යුද්ධ හමුදා භට පිරිස් කරන ලද සේවය ඉමහත් ඇගයුමට ලක් කලහ. Buy Sneakers | Nike - Shoes & Sportswear Clothing