Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2018 13:45:15 Hours

57 වන සේනාංකය ග්‍රාමිය ජනතාවගේ අවශ්‍යතාවයන් සොයාබලයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක මූලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ ඉතා දුෂ්කර ගම්මානවල ජිවත් වන ග්‍රාමිය ජනතාවට අවැසි උපකාර සහ ආධාර පිළිබඳ හඳුනාගැනීමේ අරමුණින් එම ප්‍රදේශයේ තෝරාගත් පවුල්වල සාමාජිකයින් සමඟ සුහද හමුවක් සෙනසුරාදා (07) දින 57 සේනාංක මූලස්ථාන සාකච්ඡා ශාලාවේ දී පවත්වනු ලැබීය.

කිලිනොච්චි ප්‍රදේශයේ තෝරාගත් දමිළ, මුස්ලිම් සහ සිංහල ප්‍රජාව නියෝජනය කරනු ලැබු කණ්ඩායමක් සමඟ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සාකච්ඡා කරමින් ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ විමසා සිටියහ.

මෙම සුහද හමුවේ දී මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය, යුද්ධ හමුදාව විසින් සිදුකල හැකි සහන සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ලබාගත හැකි අනෙකුත් සහන ද ලබාදෙන බවට පොරොන්දු විය.

short url link | Gifts for Runners