09th July 2018 13:14:00 Hours
මෙවර අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 222 වන බලසේනාවේ භට පිරිස් විසින් ඉංග්‍රීසි භාෂාව සහ ආර්ථික විද්‍යා සම්මන්ත්‍රණයක් සිකුරාදා (06) දින කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
ජනප්‍රිය දේශයකයින් විසින් පවත්වනු ලැබු දේශන සඳහා කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය, අග්බෝපුර මධ්‍ය මහා විද්‍යාලය, අග්‍රාබෝධි මධ්‍ය මහා විද්‍යාලය, ගනේතලාව මධ්‍ය මහා විද්‍යාලය, වනේලා විද්‍යාලය සහ මොල්ලිපොතාන විද්‍යාලය නියෝජනය කරමින් සිසුන් 360 කට අධික පිරිසක් සහභාගි වූහ.
යුද්ධ හමුදා නිලධාරින් කන්තලේ කලාප අධ්‍යපන අධ්‍යක්‍ෂ කාර්යාලය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව සංවිධානය කරනු ලැබු මෙම සම්මන්ත්‍රණයේ දේශන රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලයේ විශ්‍රාමික එස්.එම්.එන්. බණ්ඩාර මහතා සහ ඩබ්ලිව්.ඒ.සී.පි. ආරියවිමල මහතා විසින් මෙහෙයවනු ලැබීය.
මෙම සම්මන්ත්‍රණය 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පුස්සැල්ල ගේ සම්බන්ධිකරණයෙන් පැවැත්වූ අතර එහිදි සිසුන් සඳහා අවශ්‍ය ආහාරපාන ඇතුළු සියළුම පරිපාලන අවශ්‍යතා 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භට පිරිස් විසින් සපයන ලදී.
bridgemedia | Nike Air Max 270