09th July 2018 12:35:45 Hours
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වවුනියාව කාර්යාලයේ ප්‍රධානි මාක් සුපා මහතා (Mr Marc Soupa) සෙනසුරාදා (07) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන හමුවූ අතර එම හමුවේදී යුද්ධ හමුදාව විසින් ප්‍රදේශයේ සිදුකරනු ලබන ව්‍යාපෘතින් පිළිබඳ දැනුවත් විය.
ජාත්‍යන්තර රතු කුරුස සංගමයේ වවුනියාව කාර්යාලයේ ප්‍රධානි ලෙස රාජකාරි කල නික්ම යන ඈන් මෙලට් මහත්මිය (Ms Anne Melotte) ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටි අතර, මෙහිදි ජාත්‍යන්තර රතු කුරුස සංගමය කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය සමඟ එක්ව කිරීමට නියමිත ඉදිරි වැඩකටයුතු පිළිබඳව ද සාකච්ඡා කළහ.
jordan Sneakers | Nike - Shoes & Sportswear Clothing