Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2018 16:02:49 Hours

සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදාධිපති හමුවේ

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් 23 දෙනෙකු ඔවුන්ගේ විදේශීය සංචාරයන්හි එක් අදියරක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද (06) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සේනාවිධායක එයාර් වයිස් මාර්ෂල් එම්.ටි මොයෝ (Air Vice Marshal M.T Moyo) මෙම නියෝජිත පිරිසේ ප්‍රධානි ලෙස කටයුතු කරන අතර, එම පිරිස පිළිගැනීම යුද්ධ හමුදා මූලස්ථාන පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි විසින් සිදු කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති සමඟින් එම නියෝජිත පිරිසේ ප්‍රධානි සහ සිම්බාබ්වේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අතර සුහද හමුවක් පැවැත්විය. එහිදි යුද්ධ හමුදාධිපතිතුමා, මෙම සංචාරයේ දී ඔවුන් ලද අත්දැකීම් හා ඔවුන් ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යනය කරනු ලබන විෂය මාලාවන් පිළිබඳව ඔවුන් සමඟින් අදහස් හුවමාරු කර ගනු ලැබීය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ද එක්ව සිටියහ.

මෙහිදි, ඉදිරිපත් කිරීමකින් පසු පැවැති ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් අනතුරුව මෙම සුහද හමුව අවසන් විය.

jordan Sneakers | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ