Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2018 17:22:27 Hours

ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපති ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් පත්කෙරේ

2018 ජූනි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ නව සභාපති ලෙස ක්‍රීඩා අමාත්‍යංශය විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පත් කරනු ලැබීය.

ක්‍රීඩා සම්මේලනයන්හි ක්‍රියාත්මකවන ක්‍රීඩා වැඩකටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර එම ක්‍රීඩා කටයුතු පිළිබඳ සමාලෝචනය කිරීමට මෙම තේරිපත් වන සභාපති වෙත 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ 1986.01.20 වන දින අංක 385/7A ගැසට් නිවේදනයට අනුව බලය පැවරෙන අතර මීට අමතරව, පළාත්සභා අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සම්බන්ධ ක්‍රීඩා කටයුතු සංවර්ධනය කිරීම සඳහා උපදෙස් ලබදීම ද මොහු සතු වගකිමක් වේ.

ජාතික ක්‍රීඩා සංගම් වෙතින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලබන ක්‍රීඩා ඉසව්වන් පැවැත්වීමට නියමිත නිශ්චිත දිනයන්ට පෙර, ජාතික ක්‍රීඩා සංගම් මගින් සහ සිවිල් තේරීම් කමිටු වෙතින් අනුමත කරනු ලබන එක් එක් ක්‍රීඩා කණ්ඩායම් සහ ඒවාට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ නාම ලේඛණ සහ වැඩසටහන් විස්තර ගෙන්වාගැනීම මෙන්ම ඒ පිළිබඳ සොයා බැලීමට ජාතික ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපති වෙත බලය පැවරී ඇත.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව්වන් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාපත් කිරීමට නව ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපති වෙත වගකීම පැවරී ඇත. මෙම නව තනතුර සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් තෝරාපත්කරගැනීමට පසුගිය කාලසීමාව තුල ජාතක හා ජාත්‍යන්තර මට්ටමෙන් පැවැති තරඟයන්හිදි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද ජයග්‍රාහණයන් ඉවහල් විය.

bridge media | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!