Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2018 13:14:58 Hours

හින්දු ආගම හා ආගමික වත්පිළිවෙත් පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ

ජනවාර්ගික විශ්වාසයන් සහ ඇඳහිලි පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ ‘හින්දු ආගමික’ දේශනයක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආරාධනයෙන් කනගම්බිගෛ අම්මන් කොවිල් කමිටුවේ නිත්‍ය සාමාජිකයින් වන නාගලිංගම් සුදුනාගම් මහතා සහ නඩරාජා සෙල්වරාජ් මහතා විසින් පවත්වනු ලැබීය.

මෙම දේශනය සතියේ පුහුණු දිනයට සමගාමීව බදාදා (04) දින පැවැත් වූ අතර, හින්දු ආගම හා එහි ඓතිහාසික විකාශනයේ විවිධ පැති, ජීවිතයේ සහ සමාජයේ යහපැවැත්ම උදෙසා හින්දු ආගම ඉවහල්වන ආකාරය, හින්දු ආගම හා අනෙකුත් ආගම් අතර සමානාත්මතාව මෙන්ම එහි විකාශනය පිළිබඳ සියලු නිලයින් දැනුවත් කරන ලදි.

තවද, එම දේශනයේ දී හින්දු ආගමික වත්පිළිවෙත්, පූජා, චාරිත්‍ර හා වාරිත්‍ර පිළිබඳ සාකච්ඡාවට බඳුන්විය. මෙම වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාත්මක කරන ලදී.

Sport media | Entrainement Nike