Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2018 13:15:12 Hours

‘පාද යාත්ත්‍රාවේ’ නිරත බැතුමතුන්ට යුද්ධ හමුදා භට පිරිස්හි සහය

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධිකරණ සහය ඇතිව 24 වන සේනාංකය යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, කතරගම ඇසළ උත්සවය සඳහා සහභාගිවීමට පාද යාත්ත්‍රාවෙන් ගමන් ගන්නා බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසාදෙනු ලැබීය.

නැගෙනහිර ඔකාන්ද යාල ජාතික උද්‍යානය හරහා බැතිමතුන්ට ගමන් කිරීම සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, අම්පාර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති නුවන් ජේ. වේදසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ප්‍රධාන දොරටුව විවෘත කරනු ලැබීය.

පළමු දිනදී වන්දනාකරුවන් දහසකට වැඩි පිරිසක් යාල උද්‍යානය හරහා ගමන් කල අතර එහිදි, අබාධිත සහ වැඩිහිටි බැතිමතුන් සඳහා අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සපයන ලදි.

23 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් බැතිමතුන්ට පානීය ජලය සැපයීම සඳහා ජල සම්පාදන මණ්ඩලයට පූර්ණ සහයෝගයක් ලබාදෙනු ලැබීය. ඇසළ උත්සවය සඳහා සහභාගිවීමට ගමන් ගන්නා බැතිමතුන් හට 2018 ජූලි මස 22 වන දින දක්වා දොරටුව විවෘතව පවති.

Nike shoes | Hats to Match Jordans Hyper Royal Bulls Hat