03rd July 2018 18:05:33 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ භට පිරිස් විසින් සංවිධානය කරනු ලැබු අන්තරායකාරී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිලිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් සඳුදා (02) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ ටෝච් සිනමා ශාලාවේ දී පවත්වනු ලැබීය.
මෙම දේශණය, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත 11 වන සේනාංකය යටතේ ස්ථාපිත 111 වන බලසේනවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි මේජර් ආර්.එම්. කරුණානායක විසින් මෙහෙයවනු ලැබීය.
මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳ හැඳින්විම, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම, ඉන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මෙන්ම සමාජ අපකීර්තිය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනවත් ආදි විෂයන් ආවාරණය වන පරිදි මෙම දේශණය පැවැත්විණි.
මෙම දේශණය සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි විය.
trace affiliate link | NIKE HOMME