Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2018 11:52:59 Hours

යාපනය භට පිරිස් මානව පටක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස්, පොසොන් පොහෝය දිනට සමගාමීව යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මඟපෙන්වීම යටතේ යාපනය ප්‍රදේශයේ දියත් කරනු ලැබු වැඩසටහන් වලට අමතරව මානව පටක පරිත්‍යාග කිරීමේ පූණ්‍යකර්මයක් සඳහා ද අත්සන් තබනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භට පිරිස්, ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය සමඟ සහයෝගයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත සිවිල් වැසියන් 1500 ක් වෙත බදාදා (27) දින නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙන ලදි. මීට අමතරව, එදිනම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මුලිකත්වයගෙන ස්වේච්ඡාවෙන්ම මරණයෙන් පසු මානව පටක පරිත්‍යාග කිරීම සඳහා අත්සන් තබනු ලැබීය.

ඒ අනුව, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 10,000 ක් පමණ මරණයෙන් පසු අස්ථි, උකුල්වල සන්ධි සහ හිස් කබල් යන මානව පටක ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාග සමාජයට පරිත්‍යාග කරනු ඇතැයි ඔවුන් අපේක්‍ෂා කරනු ලබයි.

එම අවස්ථාවේ දී යුද්ධ හමුදා සාමාජිකයින් 650 කට අධික පිරිසක් ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාග සමාජය සමඟ එක්ව මානව පටක පරිත්‍යාග ආකෘති පත්‍ර සඳහා ස්වේචඡාවෙන් අත්සන් තබනු ලැබීය. එමෙන්ම, උතුරේ සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින් 10,000 කට වැඩි පිරිසක් මාස කිහිපයක් තුල මෙම ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරගැනීමට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාග සමාජයට අනුව, හදිසි අනතුරකින් හෝ වෙනත් ආකාරයකින් පුද්ගලයකුගේ ශරීරයට සිදුවිය හැකි හානිකර අවස්ථාවලදී අස්ථි, උකුල්වල සන්ධි සහ හිස් කබල වැනි ශරීර අංගයන් සාර්ථක ලෙස බද්ධ කිරීම තුලින් හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයන් හට යම් කාලයක් ජිවත්වීමට අවස්ථාව උදාකරදිය හැක.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්ව මානව පටක පරිත්‍යාග කිරීමේ ආකෘති පත්‍රය ප්‍රථමයෙන්ම අත්සන් තබමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.Adidas shoes | Nike