03rd July 2018 14:26:20 Hours
කොළඹ 04 හි පිහිටි යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නව අධ්‍යක්‍ෂ ලෙස කර්නල් ආර්.එම්.එම්. මොණරාගල, සිය කාර්යාලයේ දී සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දල්වා නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
එම අවස්ථාවට හිටපු යුද්ධ හමුදා නිවරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා බ්‍රිගේඩියර් එච්.ටී. වික්‍රමසේකර ඇතුළු එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවයේ නියුතු අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.
නව තනතුරේ රාජකාරි භාරගැනීමට පෙර කර්නල් ආර්.එම්.එම්. මොණරාගල එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ලෙස රාජකාරි කළහ.
මෙම උත්සවය අතරතුරදී, යුද්ධ හමුදා නිවරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් එස්.එන්. සේවගේ රාජකාරි භාරගනු ලැබීය.
Sports brands | Nike Dunk - Collection - Sb-roscoff