Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 14:26:40 Hours

කිලිනොච්චියේ දැවන්ත ශ්‍රමදාන ව්‍යාපෘතින් කිහිපයක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්තානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 සහ 652 වන බලසේනාවන්හි භට පිරිස් සිකුරාදා (29) දින ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් ක්‍රියාවට නංවනු ලැබීය.

ඒ අනුව, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාවට අයත් 11 වන ගජබා රෙජිමේන්තුව විසින් කරියාලනාගපඩ්ඩුවන් ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී.

මේ අතර, 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් අක්කරයන්කුලම් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කළහ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

Running sneakers | Nike for Men