03rd July 2018 17:05:33 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් 2017 අපොස (උ/පෙළ) විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් යාපනය ප්‍රදේශයේ සිසුන් තිදෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ.
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව, දිස්ත්‍රික් 306 බී2 මාකොල සිංහ සමාජය විසින් අපොස (උ/පෙළ) විභාගයෙන් භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් යා/හාර්ට්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබු ශ්‍රීධරන් තුවකරන්, භෞතික විද්‍යා අංශයේ දිවයිනේ තෙවන ස්ථානය හිමිකරගත් යා/ශාන්ත පැට්රික් විද්‍යාලයේ ඉගෙනුම ලැබු ආර්.ඩි.ජේ. පාවුල් ජෑන්සන් සහ ජෛව පද්ධති තාක්‍ෂණික අංශයේ දිවයිනේ තෙවන ස්ථානය හිමිකරගත් යා/වේම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබු කමලේෂ්වරන් සෙන්තිල්නාදන් යන සිසු සිසුවියන් තිදෙනා හට ලැප්ටොප් පරිගණක තුනක් සහ රුපියල් 5000/= බැගින් මාසික ශිෂ්‍යත්ව තුනක් පිරිනමනු ලැබීය.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සිය කාර්යාලයේ දී පරිත්‍යාගශීලින් සමඟ පැවැති කෙටි සුහද හමුවකින් අනතුරුව එම සිසුන් තිදෙනාට කරන ලද ආරාධනයකට අනුව මෙම ශිෂ්‍යත්ව ලබාදුන්හ.
මෙම දිරිගැන්වීම් ලැබීමෙන් අනතුරුව එම සිසුන්ගේ දෙමාපියන් සහ ගුරුවරුන් යුද්ධ හමුදාවේ දායකත්වය ඇගයුමට ලක් කළහ.
මෙම අවස්ථාව සඳහා සිංහ සමාජයේ නියෝජිතයින් සහ යුද්ධ හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි විය.
affiliate link trace | Air Jordan 1 Mid - Collection - Sb-roscoff