Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 13:58:39 Hours

‘යෝගා දින’ වැඩසටහනක් සඳහා බටහිර භට පිරිස්හි සහය

ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව පවත්වනු ලැබු වැඩසටහනක් සඳහා බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ භට පිරිස් සහභාගි විය.

කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී ජූනි මස 23 දින ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව ඉරිදා (01) දින දක්වා ක්‍රියාත්මක විය.

14 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරින් 4 ක් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් ඉරිදා (01) දින පැවැති ‘සුදසුන යෝගා යාතනය’ වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භට පිරිස් එක්ව සිටියහ.

Buy Kicks | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092