Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 14:26:19 Hours

විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 122 බලසේනා භට පිරිස්හි සහාය

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනාවේ භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද තිස්සමහරාම, උද්ධකන්දර රජමහා විහාරස්ථානය පසුගිය පොසොන් පොහෝය නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබිය.

එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දෙනගම ධම්මදස්සි ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් විවෘත කිරීමේ අවස්ථාව සඳහා මල්වතු පාර්ශ්වයේ රුහුණු මාගම්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය ශ්‍රී රේවත ස්වාමින් වහන්සේ ද වැඩම කර සිටියහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිෂාන්ත වන්නිආරච්චි ගේ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මාසයකට ආසන්න කාලයක් තුල දී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් පූජ්‍ය දෙනගම ධම්මදස්සි ස්වාමින් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදු කරමින් යුද්ධ හමුදාවට, යුද්ධ හමුදාධිපතිතුමාට සහ සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් හට ආශිර්වාද පැතුහ.

jordan release date | Ανδρικά Nike