Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 13:17:31 Hours

යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (CAVT) වෙතින් විශ්‍රාමයාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 384 දෙනෙකු වෙත NVQ සහතිකපත් ප්‍රදානය කිරීමට සුදානමින්

නුඳුරේදී විශ්‍රාමයාමට නියමිත වෘත්තිය පුහුණු පාඨමාලාවක් හැදෑරීමට අපේක්‍ෂා කරන යුද්ධ හමුදා නිලධාරින් දෙදෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන් 384 දෙනෙකු වෙත වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වාදිමේ වැඩමුළුවක් සාලියවැව, කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දී (CAVT) ජූනි මස 25 දින සිට ජූලි මස 02 දින දක්වා පුරා සතියක කාලයක් පැවැත්විණි.

මෙම වැඩමුළුව අවසානයේ පැවැති සරල සමාප්ති උත්සවය සඳහා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේනාවිධායකතුමන් නියෝජනය කරමින් එම පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ශෂික පෙරේරා, ප්‍රධාන උපදේශක සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි විය.

latest Running Sneakers | adidas NMD Human Race