Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2018 14:26:18 Hours

57 වන සේනාංක භට පිරිස් ගනේෂපුරම් ඇළ මාර්ගය පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංක භට පිරිස්, ගනේෂපුරම් ගොවි ජනතාව සමඟ එක්ව සෙනසුරාදා (30) දින ප්‍රධාන ඉරනමඩු වැවේ සිට ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගමන් ගන්නා ‘ගනේෂපුරම්’ ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මූලිකත්වයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම දැවැන්ත ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා ප්‍රදේශයේ ගොවින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් වෙත සහාය දැක්වූහ.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදාවන් අතර අවබෝධය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

Best Sneakers | Nike for Men