03rd July 2018 12:05:02 Hours
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් පේදුරුතුඩුව හි පිහිටි 551 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස කර්නල් අසංග පෙරේරා සඳුදා (02) දින රාජකාරි භාරගනු ලැබීය.
551 වන බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී 18 (ස්වේච්ඡා) පාබල හමුදා භට පිරිස් විසින් නව බලසේනාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමුහ.
ඉන් අනතුරුව නව බලසේනාධිපති විසින් මෙම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේ දී සංකේතාත්මකව ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.
551 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු සියලු නිලයින් ඇමතිම ද ඉන් අනතුරුව සිදු කෙරිණි.
best shoes | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger