02nd July 2018 15:50:04 Hours
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහා අප්‍රතිහත කැප කිරීමක් සිදුකල යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නිර්මාණාත්මක කාව්‍ය හැකියාවන් එළිදක්වමින් ‘බංකර් කුරුටු ගී’ ප්‍රදර්ශනය සෙනසුරාදා (30) දින කොළඹ 02 පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දී පවත්වනු ලැබූ අතර, එය නැරඹීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්, සිවිල් වැසියන්, තරුණයින් ආදි විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම ප්‍රදර්ශනය ආර්යා පදනම විසින් සංවිධානය කරනු ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් අතින් ලියැවුණු සෞන්දර්යාත්මක කාව්‍ය නිර්මාණයන් සහ චිත්‍රණය වූ කුරුටු ගී නිර්මාණයන්වල එකතුවක් වන අතර, මෙවැනි ආකාරයකට ඉදිරිපත් කරන ලද ලොව ප්‍රථම කරුටු ගී ප්‍රදර්ශනය ද මෙය වේ.
රණවිරුවන් අතින් ලියවූණූ මෙම කරුටු ගී ප්‍රදර්ශනයේ දී වර්ෂ 2009 මැයි මාසයට පෙර, එනම් මානුෂීය මෙහෙයුම් කාලය තුල දිවයිනේ නොයෙකුත් ප්‍රදේශයන්හි අඛණ්ඩව දිවා රාත්‍රියේ දී සේවයේ නිරතව සිටි යුද්ධ හමුදා සාමාජිකයින්, ඔවුන්ගේ කලාකාමි අදහස්, සිතුවිලි පිළිබිඹු කරමින් ලියැවුණු සෞන්දර්යාත්මක කව්‍ය නිර්මාණයන් ප්‍රදර්ශනය කෙරිණි.
මව්බිමේ භෞමික අඛණ්ඩතාවය සුරකිමින් උත්තරීතර කැප කිරීමක් සිදු කල නාඳුනන සොල්දාදුවන් හට උපහාරයක් ලෙස සංවිධානය කරනු ලැබු මෙම ප්‍රදර්ශනය මගින් ‘දේශප්‍රේමීන්ගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් රටේ ඉතිහාසය ආරක්‍ෂා කිරීම’ අරමුණු කරයි.
මෙම රණවිරු කරුටු ගී ප්‍රදර්ශනය නැරඹීම සඳහා හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින්, පොලිස් නිලධාරින්, මහජනතාව, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිසුන් සහ ආරාධිතයින් විශාල පිරිසක් ද පැමිණ සිටියහ. Asics footwear | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos