Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2018 13:32:38 Hours

ආරක්‍ෂක සේවා තරඟාවලියේ කායවර්ධන ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ආරක්‍ෂක සේවා තරඟාවලියේ 2017/2018 - කායවර්ධන, බර ඉසිලීම් හා සවි එසවීමේ තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය අඟහරුවාදා (26) දින වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කායවර්ධන, බර ඉසිලීම් හා සවි එසවීමේ කමිටුව නියෝජනය කරමින් තරඟකරුවන් 9 දෙනෙකු සහභාගි වූහ. එහිදි යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත් අතර, ලකුණු පුවරුවේ ලකුණු 51 ක් සටහන් කරමින් තරඟාවලියේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හිමි කරගැනීමට සමත්විය. Nike sneakers | Footwear