Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2018 19:29:17 Hours

58 වන සේනාංකයත් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා එක්වේ

ජුනි මස 26 වන සිට ජුලි මස 02 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමිව දිවයින පුරා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඉන් එක් අදියරක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් බ්‍රහස්පතින්දා (29) දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන ලදි.

‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්’ මුල්කරගනිමින් මත්පැන්, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ආදිය අඩු කරමින් මත්ද්‍රව්‍යයෙන් තොර ශ්‍රී ලංකාවක් යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතියි.

මෙම වැඩසටහනට 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සිය සහයෝගය දක්වමින් ඒ සඳහා සහභාගි විය.

Running Sneakers Store | Women's Nike Superrep