Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2018 15:26:52 Hours

‘පුලිතිසි පොසොන් උදානය’ සඳහා යුද්ධ හමුදාවේ පුර්ණ සහයෝගය

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියට සමඟාමිව පොලොන්නරුව ප්‍රදේශයේ සිදුකරන ලද ව්‍යාපෘති කිහිපයක විවෘත කිරිම් උතුම් පොසොන් පුර පසලොස්වක පොහෝ දින (27) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර 2016 දෙසැම්බර් මස ත්‍රිවිධ හමුදාවේ මුලිකත්වයෙන් ඉදිකිරිම් අරඹනු ලැබු පොලොන්නරුව, ඌනගල විහාරයේ දාගැබ ද අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරන ලදී.

සුප්‍රසිද්ධ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ත්‍රිවිධ හමුදාව එක්ව ඉදිකරන ලද ආවාස ගෙය, නව වාහල්කඩ, පිරිවෙන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම දොළොස්මහේ පහණ සහ භාවනා කුටි විවෘත කිරීම අතිගරු ජනාධිපතිතුමන් විසින් එදින සිදු කරන ලදී.

මේ අතර, පොලොන්නරුව ගල් විහාරයේ පැවති ආගමික වතාවත්වලට අතිගරු ජනාධිපතිතුමන් සහභාගිවු අතර අනතුරුව එහිදී පවත්වන ලද ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය බැතිමතුන්ගේ වන්දනාමාන කීරිම සඳහා විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එක්ව සිටි අතර යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත මෙම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය නොමඳව ලබාදෙනු ලැබීය.

පොලොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වන කඳුරුවෙල නගරය කේන්ද්‍රගත කරමින් ‘පුලතිසි පොසොන් උදානය’ පොසොන් කලාපය අතිගරු ජනාධිපතිතුමා විසින් උත්සවාකාරයෙන් විවෘත කළ අතර, මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ඇතුලු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

එමෙන්ම, එදින සන්ධ්‍යාවේ දී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පරාක්‍රම සමුද්‍රය අසළ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මහා බත් දන්සලක් ද සංවිධානය කර තිබූ අතර, මෙම දන්සල වෙත පැමිණි වන්දනාකරුවන් හට ආහාර පාන බෙදාදීම සඳහා අතිගරු ජනාධිපතිතුමා සමඟ යුද්ධ හමුදාධිපතිතුමා ද එක්වූහ. මෙම පොසොන් කලාපය තුල වර්ණවත් පොසොන් කූඩු, වේදිකා නාට්‍ය, අලංකාරවත් සැරසිලි, තොරණ් සහ දන්සල් වලින් ද සමන්විත විය.

අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති, ගුවන් හමුදාධිපති, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ඇතුලු විශාල පිරිසක් සහ අතිගරු ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයින් ද මෙම විවෘත කිරිමේ අවස්ථාවන් සඳහා එක්ව සිටියහ.

url clone | Women's Nike Superrep