Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2018 13:14:54 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අම්පාර සටන් පුහුණු පාසලේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (28) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පාලනය වන අම්පාර, සටන් පුහුණු පාසලේ සංචාරයක නිරත වු අතර එහිදී පුහුණු පාසල් කාර්ය මණ්ඩලය සමගින් විවිධ සුභසාධන කටයුතු සහ පුහුණු වැඩසටහන් සබැදිව අදහස් හුවමාරු කරගන්නා ලදී.

සටන් පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් හට යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව පසුකරගෙන යන සම්මාන මුරයක් පිරිනැමු අතර එතුමන් සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ධර්මසිරි කහපොල සහ සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් උදය සේරසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සටන් පුහුණු පාසල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් හට එම පුහුණු පාසලේ සියළු නිලයින් සඳහා අභිනවයෙන් ඉදිකරන ලද ක්‍රීඩාගාරය විවෘත කරමින් එහි සමරු ඵලකය නිරාවරණය සඳහා ආරාධනා කල අතර එතුමන් සියළු දෙනාම විශ්මයට පත්කරමින් එම ක්‍රීඩාගාරය විවෘත කිරිමේ අවස්ථාව එතුමන් වෙනුවෙන් සටන් පුහුණු පාසලේ සේවයේ නියතු කපිතන්වරයෙකු වෙත ලබාදුන්හ.

නව ක්‍රීඩාගාරය විවෘත කිරිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් තම සුහදශීලීත්වය හා නිහතමානිකම පෙන්නුම් කරමින් රැස්ව සිටි පිරිසගේ අත්පොළසන් හඩ මධ්‍යයේ සෙසුනිලයෙකු සමගින් ප්‍රදර්ශණාත්මක බැඩ්මින්ටන් තරගයක් සඳහා ද එක්වුහ.

ඉන් අනතුරුව සටන් පුහුණු පාසල් පරිශ්‍රයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වු යුද්ධ හමුදාධිපතිතුමන් සටන් පුහුණු පාසලේ පුහුණුව ලබන පුහුණුවන්නන් සඳහා නවතමයෙන් ඉදිකරමින් පවතින අති නවීන පහසුකම් වලින් යුතු දේශණ ශාලාවේ ඉදිකිරිම් ප්‍රගතිය පිළිබඳව සොයා බැලු අතර එම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරීන් 24 දෙනෙකු සහ සෙසුනිලයින් 500 දෙනෙකුට අධික පිරිසක් අමතන ලද අතර සිය දේශණයේදී විනය උසස් අන්දමින් පවත්වාගෙන යාම පිළිබඳවත්, විවිධාකාර වෘත්තීමය පුහුණුවේ ඇති වැදගත්කම පිළිබඳවත් අවධාරණය කරන ලදී.

අනතුරුව පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයේදී යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණිසිටි සියළු නිලයින් සමඟ සුහද කථාබහක නිරතවෙමින් ඔවුන්ගේ සුභසාධන කටයුතු සබැදිව විමසා සිටින ලදී.

jordan release date | Nike