Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2018 21:43:38 Hours

මූතුර් හි ඩෙංගු මර්ධනය සඳහා 224 වන බලසේනාවේ භටපිරිස් හි දායකත්වය

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 224 වන බලසේනාවේ 24 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස්, මුතුර් ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරින් සහ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සමඟ සහයෝගයෙන් එම ප්‍රදේශයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් සෙනසුරාදා (23) දින ක්‍රියාත්මක කරන ලදි.

මෙම ඩෙංගු මර්ධන වැඩසටහන 24 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් එම්.ඒ.සී.පී මාරසිංහ ගේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් 50 දෙනෙකු, පොලිස් සාමාජිකයින් 25 දෙනෙකු සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 25 දෙනෙකු ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජනගහණය අධික මුතුර් ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟපෙන්විම යටතේ මෙම පිරිසිදු කිරිමේ වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙහිදි භට පිරිස් සහ වෛද්‍ය කණ්ඩායම් විසින් රැකියා ස්ථාන සහ සිය වාසස්ථාන පිරිසිදුව තබාගැනීම තුලින් ඩෙංගු තුරන් කළ හැකි ආකාරය පිළිබඳ මහජනතාව දැනුවත් කළහ.

මෙම වැඩසටහන උදෑසන 8.00 ට ආරම්භ වූ අතර, මෙම අවස්ථාව සඳහා 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඊ.ඒ.පී එදිරිවීර, 224 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ජි.ජි.එන් සමරසිංහ, මුතුර් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, මුතුර් දිස්ත්‍රික් සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජෙස්මි සහ මුතුර් ප්‍රාදේශීය සභාවේ නියෝජිතයින් ද එක්ව සිටියහ.

latest Running | Men's Footwear