Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2018 16:09:29 Hours

කැනේඩියානු මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් මැක්නිනන් මහතා ඇතුළු කොළඹ පිහිටි කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් අගහරුවාදා (26) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී පශ්චාත් යුද සමයේ ආරක්‍ෂක හමුදාවන්හි වගකීම් හා කාර්යභාරය මෙන්ම ජන වර්ගයන් අතර සංහිදියා ක්‍රියාවලිය වැඩිදියුණු කිරිම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරන ලදී.

මෙම හමුව සිහිපත්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ කැනේඩියානු මහ කොමසාරිස් අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. අනතුරුව යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්ම යාමට ප්‍රථම කැනේඩියානු මහ කොමසාරිස්තුමන් අමුත්තන්ගේ පොතෙහි සටහනක් තබන ලදී.

යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණි කැනේඩියානු මහ කොමසාරිස් ඇතුළු දුත පිරිස යුද්ධ හමුදාධිපති කාර්යාල ප්‍රවේශය අසළදී යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ විසින් පිලිගන්නා ලද අතර මෙම හමුව සඳහා යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විදේශීය මෙහෙයුම් මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා ද එක්ව සිටියහ.

Nike Sneakers Store | Klær Nike