Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2018 17:09:29 Hours

විශ්‍රාමික බලලත් නිලධාරි II හට යාපනය භට පිරිස් අවසන් ගෞරව පුද කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් විසින් යාපනය, උරුම්පිරෙයි - නැගෙනහිර, ශිවන් මාවතේ පදිංචි අභාවප්‍රාප්ත විශ්‍රාමික බලලත් නිලධාරි II එස්. පී කුරුසුමුත්තු ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අඟහරුවාදා (26) දින උරුම්පිරෙයි පොදු සුසාන භුමියේ දී පුර්ණ හමුදා ගෞරව සහිතව සිදුකරන ලද අතර අවමංගල්‍ය නිවසේ වැඩ කටයුතු සඳහා පවුලේ ඥාතීන් වෙත අවශ්‍ය සහයෝගය ද ලබාදෙනු ලැබීය.

විශ්‍රාමික බලලත් නිලධාරි II එස්. පී කුරුසුමුත්තු 1951 ජුනි මස 26 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වී විශ්‍රාම යන තෙක් 1 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි ඉටු කරන ලදී.

ඔහුගේ නොකැලල් සේවය අගයමින් යුද්ධ හමුදාවේ දීර්ඝ සේවා පදක්කමින් ද පිදුම් ලබා ඇත. එමෙන්ම ඔහු වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක එවකට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිවරයාව සිටි අවධියේදී ආරම්භ කරන ලද යාපනය සේවා මුක්ත භට සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වශයෙන් ද සිටින ලදී.

රට තුල පැවති ත්‍රස්ථවාදය නිමාකිරිමේ මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත විශ්‍රාමික බලලත් නිලධාරි II එස්. පී කුරුසුමුත්තු වසර 22 ක සේවා කාලය නිමාවෙන් පසු විශ්‍රාම යන ලදී.

අභාවප්‍රාප්ත විශ්‍රාමික බලලත් නිලධාරි II එස්. පී කුරුසුමුත්තු ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අවසන් කටයුතු සිදුකරනු ලැබු පොදු සුසාන භුමිය වෙත එක්ව සිටියහ.

affiliate link trace | Nike