Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2018 21:44:38 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය සිය 9වන සංවත්සරය සමරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්විම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය 9 වන සංවත්සරයට ආශිර්වාද පතා සිකුරාදා (22) වන දින පිරිත් පිංකමක් සංවිධානය කළ අතර, වර්ණවත් හා සංස්කෘතික නර්ථන කණ්ඩායමකින් සමන්විත පෙරහැරක් මගින් මහා සංඝරත්නය සම්ප්‍රදායික පිරිත් මණ්ඩපය වෙත වැඩමවා ගෙන එන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති විසින් මහසඟරුවන වෙත දැහැත් වටිටියක් පුජා කරමින් පසුදින (23) උදෑසන වන තෙක් පිරිත් සජ්ඣායනාව සිදු කරන ලෙස ආරාධනා කරන ලද අතර උදෑසන මහසඟරුවන වෙනුවෙන් දානය පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් මෙන්ම අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් ද එක්ව සිටියහ.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන 9 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ හින්දු පූජාවක් ඉරිදා (31) දින උදෑසන ඉරනමඩු කන්කගම්බිගෛ අමිමන් කෝවිල් පරිශ්‍රයේ දී පවත්වන ලදි.

එදිනම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් කිලිනොච්චි ජුම්මා මුස්ලිම් පල්ලියේ දී ඉස්ලාම් දේවමෙහෙයක් ද සිදු කරනු ලැබීය.

මව්බිම වෙනුවෙන් සිය ජිවිත පූජා කළ රණවිරුවන් වෙත පිං පැමිණවීමත්, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින සහ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් වෙත ආශිර්වාද එක්කරමින් මෙම සියලු ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

මේ අතර, 9 වන සංවත්සරයට ආශීර්වාද එක් කරමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස්හි සංවිධායකත්වයෙන් කතෝලික ආගමික වතාවත් බ්‍රහස්පතින්දා (05) දින කිලිනොච්චි ශාන්ත තෙරේසා දේවස්ථානයේ දී සිදු කරනු ලැබීය.

මෙම ආගමික උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

සංවත්සර වැඩසටහන් මාලාව අවසන් කරමින් සිකුරාදා (06) දින සන්ධාවේ සියලු නිලයින්ගේ විනෝදස්වාදය වෙනුවෙන් දැවැන්ත සංගිත සැඳෑවක් ද පැවැත්විය.

‘ඇරෝ ස්ටාර්’ සංගිත කණ්ඩයම සහ ‘දාස්’ නර්ථන කණ්ඩායම මෙම සංගිත රාත්‍රිය වර්ණවත් කල අතර මල් වෙඩි සංදර්ශනයක් ද පැවැත්විණි. මෙම සංගිත රාත්‍රිය සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින් 400 කට අධික පිරිසක් සහභාගි වූහ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වූ අතර මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

url clone | Nike Shoes