Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2018 15:18:48 Hours

56 වන සේනාංකයේ භට පිරිස් දින 04 ක සුහද චාරිකාවක් සංවිධානය කරයි

වන්නි ආරක්‍ෂක සේනා ආ‍ඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ 56 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව ජූනි මස 14 සිට 17 දින දක්වා පුරා දින 4 ක සුහද චාරිකාවක නිරත විය.

මෙම සුහද චාරිකාවේ පළමු දිනය අනුරාධපුර පූදබිමේහි සංචාරය කල අතර එහිදී රුවන්වැලි මහාසෑය, ලෝවාමහාපාය හා පුරා විද්‍යාත්මක ස්ථානවන සඳකඩපහන, මුරගල්, දානශාලා මෙන්ම සමාධි බුද්ධ ප්‍රතිමාව, අභයගිරිය, ඉසුරුමුණි විහාරය සහ කුට්ම් පොකුණ වැනි ස්ථාන නරඹනු ලැබීය.

මෙම සංචාරයේ දෙවන දිනයේ දී මඩු පල්ලිය, තිරුකේෂ්වරම් කෝවිල, තලෙයිමන්නාරම් තොට හා මන්නාරම් නගරය, මිහින්තලය පුදබිම වැඳපුදාගත්හ. සංචාරයේ තෙවන දිනය නාච්චිදුව ජලාශයේ සංචාරය කළහ.

මෙම සුහද සංචාරයේ හතර වන දිනය වන අවසාන දින රාත්‍රීයේ භෝජන සංග්‍රහයක් සමඟ වර්ණවත් සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රභාත් දෙමටම්පිටිය සහභාගි විය.

Running Sneakers Store | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth