Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2018 19:45:01 Hours

යුද්ධ හමුදාව සම්බන්ධීකරණයෙන් යාපනයේ සිවිල් වැසියන් 16 දෙනෙකු සඳහා කෘතිම පාද

යාපනය, අයියකච්චි ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි ආබාධිත සිවිල් වැසියන් 16 දෙනෙකු සඳහා කෘතිම පාද බෙදාදීමේ උත්සවයක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 12 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ඉල්ලීම පරිදි මෙම කෘතිම පාද සඳහා වියදම කුණ්ඩසාලේ පිහිටි ආබාධිත මධ්‍යස්ථානය වෙතින් දරා ඇත. මෙම කෘතිම පාද ප්‍රදානයට පෙර එම අනුග්‍රාහකයින් ප්‍රදේශයේ සංචාරය කරමින් මෙම ආබාධිත සිවිල් වැසියන් සඳහා අවැසි මිනුම් ප්‍රමාණයන් ලබාගන්නා ලදී.

552 වන බලසේනාංකයට අයත් විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවති මෙම කෘතිම පාද බෙදාදීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 552 වන බලසේනාංකයේ බලසේනාධිපති කර්නල් දිනේෂ් නානයක්කාර සහ අනුග්‍රාහකභවතුන් ද සහභාගි වුහ.

Sportswear Design | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival