Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2018 19:30:01 Hours

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ දක්‍ෂතා දැක්වු සිසුන් සඳහා වර්ණ ප්‍රදානය කෙරේ

කොළඹ, ආරක්‍ෂක සේවා විද්‍යාලීය වාර්ෂීක ‘වර්ණ රාත්‍රීය’ අඟහරුවාදා (12) දින සන්ධ්‍යාවේදී එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් සහභාගි විය.

මෙම වර්ණවත් අවස්ථාවේ සම්භාවනීය ආරාධිතයින් ලෙස සපැමිණි ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ වෙතින් ක්‍රීඩා ක්‍ෂේත්‍රය සඳහා දක්‍ෂතා දැක්වු ත්‍රිවිධ හමුදා සමාජිකයින්ගේ පවුල්වල සිසුන් සඳහා තිළිණ ප්‍රදානය සිදුකරන ලදී.

‘වර්ණ රාත්‍රිය’ තිළිණ ප්‍රදානය කිරීමට ප්‍රථමයෙන් පැමිණ සිටි ආරාධිතයින් විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වන ලදී. ඉන් අනතුරුව පිළිගැනිමේ කථාව ආරක්‍ෂක සේවා විද්‍යාලීය විදුහල්පතිතුමිය විසින් සිදුකරන ලද අතර ගරු අමාත්‍යතුමන් ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් දක්‍ෂතා දැක්වු සිසු සිසුවියන් හට තිළිණ ප්‍රදානය සඳහා එක්විය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින්, ත්‍රිවිධ හමුදා නිලධාරින්, දෙමාපියන්, ආරාධිතයින් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් ද එක්ව සිටියහ.

Sports brands | New Releases Nike