Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2018 11:10:52 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා භට පිරිස් බෞද්ධාගමික වැඩසටහනක් සඳහා දායක වේ  

‘ආරියමග්ග’ සංවිධානයේ හා මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථාන භට පිරිස් හි දායකත්වයෙන් විශේෂ බෞද්ධාගමික වැඩසටහනක් සඳුදා (2) දින කොත්මලේ, මහවැලි මහා ස්ථුපය අසළදී සංවිධානය කරන ලදී.

කොළඹ ප්‍රදේශය මුලික කරගනිමින් අරඹන ලද මෙම ‘ආරියමග්ග’ සංවිධානය විසින් යුද්ධ හමුදාධිපතිතුමා වෙත සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භට පිරිස් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දායකත්වය දැක්වුහ.

ඒ අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා  සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 04 දෙනෙකු සහ සෙසුනිලයින් 60 දෙනෙකු මෙම පුණ්‍යමය වැඩසටහන සඳහා පුර්ණ දායකත්වය ලබාදුන්හ.

මෙම බෞද්ධාගමික වැඩසටහන සඳහා වැඩම කරවන ලද 359 ක් වූ භික්ෂුන් වහන්සේලා වෙත භට පිරිස් විසින් නවාතැන් පහසුකම්, දානය සපයාදීම හා වෙනත් පහසුකම් ද සලසා දෙනු ලැබු අතර, මෙම සියළු අවශ්‍යතාවයන් සම්පාදනය කීරිම යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.

Sports Shoes | Nike for Men