Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2018 14:57:18 Hours

නික්ම යන සේනාංකාධිපතිවරුන් තිදෙනෙකු වෙත වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආචාරය

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54, 56 සහ 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්ගේ නික්මයාමේ උත්සවය සිකුරාදා (01) දින සන්ධ්‍යාවේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි විය.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගමගේ සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සිය ධූරයෙන් මෙන්ම වසර 33 කට අධික යුද්ධ හමුදා දිවියෙන් ද සමුගැනීමට නියමිතය.

56 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කල බ්‍රිගේඩියර් තිස්ස නානායක්කාර, සිය ධූරයෙන් නික්මයාමෙන් අනතුරුව 11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සමුගැනීමේ උත්සව සභාව අමතමින්, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වන්නි ප්‍රදේශයේ සිදු කරනු ලැබු සේවය ඉතා අගය කළ අතර ඒ වෙනුවෙන් සංකේතාත්මක සමරු තිළිණ ද ප්‍රදානය කරනු ලැබීය.

නික්ම යන සේනාංකාධිපතිවරුන්ට සුභ පැතුම් එක් කිරීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් කුමාර් ජයම්පත්ති, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි බ්‍රිගේඩියර් රන්ජන් ප්‍රේමලාල් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

Nike air jordan Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE