Header

Sri Lanka Army

Defender of the Nation

03rd June 2018 19:17:37 Hours

66 වන සේනාංකයේ සම්බන්ධිකරණයෙන් සිසුන් වෙත පාසල් උපකරණ

ගෞතාරමූ‍ණේ ප්‍රදේශයේ පිහිටි විනයාසයෝඩෛපාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් 121 දෙනෙකු වෙත පාසල් උපකරණ තොගයක් 661 වන පාබල බලසේනාව විසින් බ්‍රහස්පතින්දා (31) දින බෙදාදෙනු ලැබීය.

පූජ්‍ය මහරගම සිරිවන්ත ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය ඇතිව 66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දිප්තී ජයතිලක ගේ අධීක්‍ෂණයෙන් සහ 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රියන්ත ජයවර්ධන ගේ මඟපෙන්වීමෙන් ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් වල සිසුන් වෙතමෙම පාසල් උපකරණ තොගය බෙදාදෙන ලදි.

මෙම පාසල් උපකරණ තොගයට අභ්‍යාස පොත්, චිත්‍ර පොත්, පැන්සල්, පාසල් බෑග් ඇතුළු තවත් උපකරණ රැසක් ඇතුලත් විය.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනංකයේ භට පිරිස්, ගුරුවරුන් සහ දෙමාපියන් රැසක් එක්ව සිටියහ.

buy shoes | Nike