01st June 2018 17:35:17 Hours
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් කිලිනොච්චි, වවුනිවිලන්කුලම් මාරි අම්මාන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් බ්‍රහස්පතින්දා (24) දින දියත් කරනු ලැබීය.
කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සහ අලංකාරවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් සහභාගි විය.
65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පිරිස් ගේ සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්ජිත් අබේසිංහ ගේ අධීක්‍ෂණය යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කරන ලදී.
මේ අතර, 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ද කිලිනොච්චි තේවන්පිඩ්ඩි පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සඳුදා (28) දින පැවැත් වූහ.
latest Running Sneakers | Nike Shoes