Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2018 17:15:30 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් දියළුම ප්‍රදේශයේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක බලප්‍රදේශයේ ස්ථානගත 5 වන ගැමුණු හේවා බළඇණියේ සේවයේ නියුතු භට පිරිස් විසින් සිකුරාදා (01) දින බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියළුම ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට සමත් විය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුට අධික පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුල ගින්න මැඩපැවැත්වීම සමත් විය.

Authentic Nike Sneakers | Nike News