01st June 2018 17:56:25 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ අනෙකුත් ඒකකයන් හි නිලධාරින් සහ සෙසුනිලයින් 250 කට වැඩි පිරිසක් සඳහා ‘මාධ්‍යයේ වැදගත්කම සහ ඉන් ආයතනයට මෙන්ම සමාජයට සිදුවන බලපෑම’ (Importance of Media, Its Impact on the Organization & Society) සබැදි එක් දින දැනුවත් කිරිමේ වැඩසටහනක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී බදාදා (30) දින පවත්වන ලදී.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ ආරාධනාවකට අනුව යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක සිසිර විජේසිංහ මහතා විසින් එම දේශණය සිදුකරන ලද අතර එහිදී එතුමන් මාධ්‍යයේ ධනාත්මක සහ ඍණාත්මක බලපෑම, එහි විකාශණය, සමාජ මාධ්‍ය, මාධ්‍ය කළමණාකරනය, වර්තමාන මාධ්‍යයේ නැඹුරුව, අභියෝගයන්, ජන සන්නිවේදනයේ මුලික සංකල්ප, සිවිල් - ආරක්‍ෂක හමුදා සම්බන්ධතාවයන්, ජාත්‍යයන්තර අවධානය, නවීන තාක්‍ෂණය, ජනමාධ්‍යයේ පසුබිම, ප්‍රචාරාත්මක ක්‍රමෝපායන්, සාමාන්‍ය රීති සහ ආචාර ධර්ම, පත්‍රකලාවේ සංවර්ධනය ආදී විෂයානුබද්ධ තේමාවන් ඔස්සේ සිය දේශණය සිදුකරන ලදී.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ පවත්වන ලද මෙම දේශණයෙන් අනතුරුව නිලධාරින් සහ සෙසුනිලයින් සඳහා ප්‍රශ්ණ හා පිළිතුරු සැසියක් ද පවත්වනු ලැබීය.
එම සැසිය අවසානයේ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් දේශණය මෙහෙය වු යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක, සිසිර විජේසිංහ මහතා ඇගයීමට ලක් කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
latest Running | Nike Dunk - Collection - Sb-roscoff